ෆෙස්බුක් සාදයක් වටලා තරුණියන් 15ක් ඇතුළු 76ක් අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
23

ෆෙස්බුක් සාදයක් වටලා තරුණියන් 15ක් ඇතුළු 76ක් අත්අඩංගුවට

ෆෙස්බුක් සාදයක් වටලා තරුණියන් 15ක් ඇතුළු 76ක් අත්අඩංගුවට

ෆේස්බුක් සාදයක් වටලා තරුණියන් 15  දෙනෙකු ඇතුළු 76 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

ඊයේ (22) රාත්‍රී කාලයේ සීදූව පොලිස් වසමේ කිදිගොඩ බෙල්ලාන වත්ත ප්‍රදේශයේ හෝටලක් තුළ මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

 

මෙම සාදයට සහභාගි වූ තරුණයන් හා තරුණයින් අයිස් මත්ද්‍රව්‍ය හා ගංජා පානය කරමින් සිට ඇති බව වාර්තා වෙයි.

 

සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය, කේරළ ගංජා හා නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද සිගරට්ද සොයා ගෙන ඇත.

 

මෙහිදී නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද සිගරට් සන්තකයේ තබාගෙන සිටි සැකකාරියන් 03ක්, සැකකරුවන් 14ක් අත්අඩංගුවට ගෙන තිබේ.

 

මීට අමතරව මෙම සාදය සඳහා සහභාගිවූ තරුණියන් 12 දෙනෙකු සහ තරුණයින් 47 දෙනෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

 

අත්අඩංගුවට ගත් සැකකරුවන් හා සැකකාරියන් අවරුදු 18ත් 25 අතර වයස්වල පසුවන කොළඹ තදාසන්න ප්‍රදේශවල පදින්චිකරුවන් බව පොලීසිය පැවසීය.

 

සීදූව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.   

views

96 Views

Comments

arrow-up