ජීප් රථයක් අනතුරුකට ලක් කල පොලිස් අධිකාරිවරයාගේ දියණිය අත්අඩංගුවට

රියදුරු බලපත්‍රයක් නොමැතිව අපරීක්ෂාකාරීව සුඛෝපබෝගී ජීප් රථයක් ධාවනය කර අනතුරුකට පත් කිරීම කිරීමේ සිද්ධියට අදාළ නුගේගොඩ කොට්ඨාස බාර ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ දියණිය සහ තවත් පුද්ගලයෙකු කුරුදුවත්ත පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා
අද ඔවුන් අලූත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙම තරුණියගේ සොයුරාද 2019 මාර්තු 9 වැනිදා නොසැලකිලිමත් අයුරින් රිය ධාවනය කිරීමෙන් වූ අනතුරකින් එවකට බොරැල්ල පොලිසියේ රථවාහන අංශ ස්ථානාධිපතිගේ ජීවිතයද අහිමි වී ඇති බවද පොලිසිය පවසයි.
711 Views
Comments