හුදෙකලා කළ ප්‍රදේශයකට ගමන් කිරිමට නව බලපත්‍රයක් ඉල්ලුම් කර යුතුයි - ඇඳිරි නීති බලපත්‍රය වලංගු නැහැ

හුදෙකලා කොට ඇති ප්‍රදේශ තුළ හෝ ඒ හරහා ගමන් කිරීමේදී විශේෂ අවසර පත්‍රයක් ලබා ගැනීම අනිවාර්ය බව පොලිස් මුලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.
හුදෙකලා කර ඇති ප්‍රදේශ තුළ හෝ හරහා සංචරණය කිරිමට අවසර ලබා දෙනු ලබන්නේ නිරෝධායන හා රෝග වැළැක්වීමේ ආඥා පනත යටතේ නිසි බලධරයා වන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින්ය.
එමෙන්ම මේ වන විටත් නිකුත් කර ඇති නිරෝධායන ඇඳිරි නීති බලපත්‍ර තවදුරටත් නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක නොවන බැවින් හුදෙකලා කර ඇති ප්‍රදේශ හරහා හෝ ප්‍රදේශ තුළ ගමන් කිරිම සඳහා වලංගු නොවන බවයි පොලිස් මුලස්ථානය වැඩිදුරටත් සඳහන් කරන්නේ.
ඒ අනුව පහත දැක්වෙන නිවේදනයේ පරිදි හුදෙකලා කොට ඇති ප්‍රදේශ තුළ හෝ එම ප්‍රදේශ හරහා ගමන් කිරිමට අදාළ බලපත්‍ර ලබා ගැනීමට ඉල්ලුම් පත්‍රයක් ආයතන ප්‍රධානියා විසින් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා වෙත ඉදිරිපත් කළ යුතු වේ.
1120 Views
Comments