පාසල් ගේට්ටුව ලඟදී ගුරුවරිය පැදවූ මෝටර් රියේ ගැටුණු දරුවාට බරපතළයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
21

පාසල් ගේට්ටුව ලඟදී ගුරුවරිය පැදවූ මෝටර් රියේ ගැටුණු දරුවාට බරපතළයි

පාසල් ගේට්ටුව ලඟදී ගුරුවරිය පැදවූ මෝටර් රියේ ගැටුණු දරුවාට බරපතළයි

හෝමාගම අධ්‍යාපන කලාපයට අයත් ගොඩගම සුභාරතී විදුහලේ ප්‍රධාන ගේට්ටුව ඉදිරිපිටදී පාසල් ගුරුවරියක් පැදවූ මෝටර් රථයකට පළමු ශ්‍රේණියේ දරුවකු හැපී බරපතළ තුවාල ලබා බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කර ඇතැයි මීගොඩ පොලිසිය පවසයි.

 

පෙරේදා(19) උදෑසන පාසලේ ප්‍රධාන ගේට්ටුවෙන් එම මෝටර් රථය පාසල් භූමියට ඇතුල් කිරීමට අදාළ ගුරුවරිය උත්සාහ කිරීමේදී මෙම අනතුර සිදුවී ඇතැයි පොලිසිය කියයි.

 

එම අනතුරින් පාසලේ තාප්පයත්, මෝටර් රථයත් අතර සිරවූ දරුවාගේ එක් පාදයක අස්ථි බිඳීමකට ලක්වීමෙන් මෙසේ රෝහල් ගතකර ඇතැයි පොලිසිය පවසයි.

 

අනතුර සිදුවන අවස්ථාවේ දරුවාගේ පියාද ඒ අසල රැඳී සිට තිබේ. අනතුර සිදුකළ ගුරුවරිය අසල රැඳී සිටි පාසල් දරුවන්ගේ දෙමාපියන් විසින් ඇය වහාම පාසල තුළට රැගෙන යැමට පියවර ගැනීම නිසා සිදුවන්නට ගිය තවත් අනතුරක් වැළකී ගිය බව පාසලේ දෙමාපියෝ පවසති.

 

සිද්ධියට සම්බන්ධ මෝටර් රථය පොලිස් භාරයට ගෙන සැකකාර ගුරුවරිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඇය ඊයේ (20 දා) හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

 

සිද්ධිය සම්බන්ධයෙන් මීගොඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක නෙවිල් ප්‍රියන්ත මහතාගේ උපදෙස් මත රථ වාහන විමර්ශන අංශය වැඩිදුර පරීක්‍ෂණ සිදුකරයි.

 

අත්අඩංගුවට ගත් ගුරුවරිය රියැදුරු බලපත්‍ර ලබා ගැනීම සඳහා අයැදුම්කර සිටින්නියක් බවද පැවසේ.

views

284 Views

Comments

arrow-up