DVD, ලැප්ටොප් පරිගණක කුඩු කරලා දාන්න; නැත්නම් අත්අඩංගුවට ගනී - හරීන්

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගෙන ඇත්තේ රජයෙන් ලබාදුන් ගිනි අවියේ බලපත්‍රය අලුත් නොකිරීමේ චෝදනාව මත බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.
තිත්ත ඇත්ත කතාකරන මන්ත්‍රීවරයෙකුද රටම ආදරය කරන රංගන ශිල්පියෙක්ද වන රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගැනීමට 69 ලක්ෂයක ජනතාවගේ බලාපොරොත්තුව නොවන බවද මන්ත්‍රීවරයා කියා සිටී.
විශාල ලෙස ඉහළ ගොස් ඇති එළවළු මිල ජනතාවට අමතක කිරීම සඳහා රජය විසින් භාවිතා කරන ලද උපක්‍රමයක් ලෙස මෙය හඳුනා ගත හැකි බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ගෝඨාභය රාජපක්ෂ මහතා මේ ආකාරයෙන් දෙකේ පන්තියට වැටේ යැයි තමන් විශ්වාස නොකළ බවද මන්ත්‍රීවරයා පැවසුවේය.
තමන්ගේ ගෙවල් වල ඇති ලැප්ටොප් යන්ත්‍ර පොළොවේ ගසා කුඩුකර දමන ලෙසත්, ඩීවීඩී තැටි ඇත්තේ නම් ඒවාද කුඩු කර විනාශ කර දමන ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටි ඔහු එසේ නොකලහොත් ඔ්නෑම අයෙක් අත්අඩංගුවට පත්වනු ඇතැයිද සදහන් කලේය.
826 Views
Comments