බස්නාහිර පාසල් පෙබරවාරි 15 ආරම්භ කිරීමට සැලසුම්

බස්නාහිර පළාතේ පාසල් පෙබරවාරි 15 වනදා වනවිට ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.
ජනවාරි 25 වනදා සිට බස්නාහිර පළාතේ පාසල් වල සාමාන්‍ය පෙළ පන්ති පමණක් ආරම්භ කිරීමට දැනටමත් තීරණය කර තිබේ.
අනෙකුත් පන්ති ආරම්භ කිරීම පිළිබඳව තීරණය ඒ ඒ දිස්ත්‍රික්කවල දිසාපතිවරුන් , ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු සියලු පාර්ශවවල අදහස් විමසා බැලීමෙන් අනතුරුව සෞඛ්‍ය බලධාරීන් සමග ද සාකච්ඡා කර ඔවුන්ගේ නිර්දේශ පෙබරවාරි 10 වනදා වනවිට ලබාගැනීමට ඊයේ (20) අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදී තීරණය වී තිබෙනවා
725 Views
Comments