මෙරට යුද හමුදාවට පළමු වරට ඩ්‍රෝන රෙජිමේන්තුවක්

ශ්‍රී ලංකා යුද හමුදාව ඩ්‍රෝන රෙජිමේන්තුවක් පිහිටවූ බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටිනවා.
භුමියේ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා යුද හමුදාව විසින් මෙම ඩ්‍රෝන රෙජිමේන්තුවේ සහය ලබා ගැනීමට බලාපොරොත්තු වන බවයි, හමුදාපතිවරයා ප්‍රකාශ කළේ.
යුද්ධයක් අවසන් කළ රටක් වශයෙන් රට තුළ ඇතිවන ආපදා කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා ඉදිරියේදී මාතෘභූමියේ ආරක්ෂාව වෙනුවෙන් මෙම ඩ්‍රෝන රෙජිමේන්තුවේ සහය ලබා ගැනීමට හැකියාව ලැබෙන බවයි, හමුදාපතිවරයා සඳහන් කළේ.
යුද හමුදාව සෑම අතකින්ම ශක්තිමත් කළ යුතු බවත් එම කටයුතු මේ වනවිට ආරම්භ කොට ඇති බව ද යුද හමුදාපතිවරයා සඳහන් කර සිටියා.
යුද්ධය පැවති සමයේදී ගුවන් හමුදාව විසින් යුද හමුදාවට භුමියේ නිරීක්ෂණ සඳහා ලබා දුන් ගුවන් නිරීක්ෂණ කටයුතු සම්බන්ධයෙන් ස්තුතිය පුදකරන බවද හමුදාපතිවරයා ප්‍රකාශ කළා.
736 Views
Comments