ප්‍රදේශ කිහිපයකට හෙට පැය 12 ක ජල කප්පාදුවක්

ජල නල පද්ධතියක වැඩි දියුණු කිරීමක් හේතුවෙන් හෙට (25) වැලිසර ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව හෙට පෙරවරු 9.00 සිට පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇති.
වැලිසර, මහබාගේ, මාබෝල, කඳාන – නාගොඩ, කෙරවලපිටිය, මාටාගොඩ, කෙරවලපිටිය කාර්මික ජනපදය, දික්ඕවිට සහ දික්ඕවිට ධීවර වරාය ප්‍රදේශවලට මෙලෙස අදාළ කාලය තුළ ජල සැපයුම අත්හිටුවනු ඇති.
ඊට අමතරව බෝපිටිය, පමුණුගම සහ උස්වැටකෙයියාව ප්‍රදේශවලටත් ද ජලය සැපයීම අත්හිටුවන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කළේ.
769 Views
Comments