ඇෆ්ගනිස්ථානයේ සිටින ලංකාවේ 20ක් එන්න බෑ කියයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
23

ඇෆ්ගනිස්ථානයේ සිටින ලංකාවේ 20ක් එන්න බෑ කියයි

ඇෆ්ගනිස්ථානයේ සිටින ලංකාවේ 20ක් එන්න බෑ කියයි

ඇෆ්ගනිස්ථානයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් ඉවත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය සූදානම් වෙද්දී  විසිදෙනකු තලේබාන් පාලනය යටතේ එරටම රැඳී සිටීමට කැමැත්ත පළ කර තිබේ.

 

ඇෆ්ගනිස්ථානයේ මේ වන විට වාසය කරන ශ්‍රී ලාංකිකයින් අසූ හයදෙනා අතරින් හතළිස් හයදෙනක් මේ වන විටත් ඉවත් කර ගෙන ඇති අතර මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින තවත් විසි දෙනෙකු ඉවත් කර ගැනීම සඳහා කටයුතු සම්පාදනය කරමින් සිටින බව විදේශ අමාත්‍යාංශය පවසයි. 

 

ඉතිරි ශ්‍රී ලාංකිකයින් 20 දෙනා ඇෆ්ගනිස්ථානයේ තවදුරටත් රැඳී සිටීමට කැමැත්ත පළ කොට තිබේ.


මේ අතර ඇෆ්ගනිස්ථානයේ සිටින ශ්‍රී ලාංකිකයින් ඉවත් කර ගැනීම සඳහා සහයෝගය ලබාදෙන ලෙස විදේශ අමාත්‍යාංශය ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉන්දියාව, පාකිස්තානය යන රටවලින් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ද ඉල්ලීමක් කර ඇත.

views

770 Views

Comments

arrow-up