අද සිට දින 4ක් රටටම විදුලිය කැපෙන්නේ මෙහෙමයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
18

අද සිට දින 4ක් රටටම විදුලිය කැපෙන්නේ මෙහෙමයි

අද සිට දින 4ක් රටටම විදුලිය කැපෙන්නේ මෙහෙමයි

අද සිට ක්‍රියාත්මක වන පරිදි දිනකට පැයක කාලයක් විදුලිය විසන්ධි කිරීමට විදුලිබල මණ්ඩලය තීරණය කර තිබෙනවා.
පවත්නා අර්බුදකාරී තත්ත්වයට පියවරක් ලෙසයි මෙම තීරණය ගෙන තිබෙන්නේ.

විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී කීර්ති කරුණාරත්න මහතා පැවසුවේ ශ්‍රී ලංකාව කොටස් 4කට බෙදා කාණ්ඩ
දෙකක් යටතේ මෙලෙස විදුලිය විසන්ධි කිරීම සිදු කරන බවයි.

ඒ අනුව කාණ්ඩ දෙකකට පස්වරු 6 සිට රාත්‍රී 7දක්වාත්, සෙසු කාණ්ඩ දෙකට රාත්‍රී 7 සිට 8 දක්වාත් මෙසේ විදුලිය විසන්ධි කෙරෙනවා.

පවත්නා අර්බුදකාරී තත්ත්වය පහව යන තෙක් දින 4ක පමණ කාලයක් මෙසේ විදුලිය විසන්ධි කිරීමට සිදුවනු ඇති.

 

views

883 Views

Comments

arrow-up