විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අරමුදල් වැය කොට විදෙස්ගත ශ්‍රමිකයන් ගෙන්වා ගැනීම පිළිබඳ අවධානය

විදේශ සේවා නියුක්ති කාර්යංශය සතු අරමුදල් භාවිතා කොට කොවිඩ් ව්‍යාසනය නිසා අසරණව සිටින විදෙස් ගත ශ්රයමිකයන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා කටයුතු කිරීමේ හැකියාව පිළිබඳ සොයා බලන ලෙස කෝප් කමිටුව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරීන් වෙත දැනුම් දුන්නේය.
කමිටුව මේ බව සඳහන් කළේ විදේශ රැකියා ක්ෂේත්රයෙහි වර්තමාන තත්ත්වය අධ්‍යනය කිරීම සඳහා වූ විශේෂ විගණන වාර්තාව විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතාගේ සභාපතීත්වයෙන් පසුගියදා (22) රැස්වූ අවස්ථාවේදීය.
විදේශ සේවා නියුක්ති කාර්යංශය රැස් කොට ඇති වත්කම් යොදවා මේ වන විට කොවිඩ් ව්‍යසනය හේතුවෙන් විවිධ රටවල අසරණව සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් නැවත මෙරටට ගෙන්වා ගැනීමට කිසිදු බාධාවක් නොමැති බව කාර්යංශ සභාපතිවරයා අනාවරණය කළේය.
මැදපෙරදිග තෙල් මිල පහල යාම හේතුවෙන් රැකියා අහිමිවූවන් සහ කොවිඩි ව්‍යසනය හේතුවෙන් රැකියා අහිමි වූ ශ්රේමිකයන් 34721කගෙන් තමන්ව මව් රටට ගෙන්වා ගන්නා ලෙස මේ වන විටත් විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් ඉල්ලීම් කොට තිබේ.
කොවිඩ් වසංගතය හමුවේ රට විවෘත කිරීමේ සාකච්ඡා පවතින මොහොතක සහ මේ වන විටත් ගුවන් තොටුපල විවෘතව ඇති නිසාවෙන් මෙසේ මව් රටට ගෙන්වා ගන්නා ලෙස ඉල්ලීම් කරන විදෙස්ගත ශ්රුමිකයන් පිළිබඳ සොයා බැලීම සඳහා කාර්යංශය විසින් සුදුසු ආකෘතියක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවය ද කෝප් සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
2019 වර්ෂය සඳහා පමණක් විදෙස් රටවල ශ්‍රී ලංකා තානාපති කාර්යාලවල සේවය කරන ලාංකිකනිලධාරීන් වෙනුවෙන් වියදම් කොට ඇති මුදල රුපියල් මිලියන 800ක් බව අනාවරණය වූ අතර එතරම් විශාල මුදලක් වැයකොට නඩත්තු කරන සේවක පිරිසෙන් අපේක්ෂිත සේවාවන් ඉටු වනවාදයන්න සොයා බැලිය යුතු බව කෝප් කමිටුව නිලධාරීන් වෙත දැනුම් දුන්නේය.
ශ්රීි ලංකික ශ්රසමිකයන් විදේශ රටවලට යැවීමේදී ඔවුන්ගේ ආරක්ෂාව සහ රැකියාවේ සුරක්ෂිතභාවය තහවුරු කළහැකි රක්ෂණ ක්‍රරමයක් සහ අදාල පාර්ශව සමග ගිවිසුම් වලට ඒළඹීමේ අවශ්යකතාවය අවධාරණය කළ කමිටුව නිර්දේශ කළේ ඒම අවශ්යඅතා සපුරාලන නව රක්ෂණ ක්‍රමයක් ආරම්භ කිරීම සඳහා කටයුතු කිරීම ඉතා වැදගත් බවයි.
ඒහිදී විදේශ රැකියා සඳහා යවනු ලබන ශ්රීමිකයන්ගේ මානවීය අවශ්‍යතා සහ ආරක්ෂාව සහ සුභ සාධනය තහවුරු කිරීම සඳහා විදේශ අමාත්‍යංශය හා ඒක්ව මීට වඩා වගකීමකින් විදේශ සේවා නියුක්ති කාර්යංශය කටයුතු කළ යුතු බවද කමිටුව අවධාරණය කළේය.
658 Views
Comments