සම්බාහනය මුවාවෙන් වෙනත් ජාවාරමක් කල කළමණාකරු සහ කාන්තාවන් 3ක් මාට්ටු
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
09

සම්බාහනය මුවාවෙන් වෙනත් ජාවාරමක් කල කළමණාකරු සහ කාන්තාවන් 3ක් මාට්ටු

සම්බාහනය මුවාවෙන් වෙනත් ජාවාරමක් කල කළමණාකරු සහ කාන්තාවන් 3ක් මාට්ටු

සම්බාහන ආයතනයක් මුවාවෙන් ගණිකා නිවාසයක් පවත්වාගෙන ගිය බව කියන උතුරු කළුතර ගාලු‍ පාරේ ස්ථානයක් වැටලූ කළුතර කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්්‍යාංශයේ නිලධාරීන් එහි සිටි කාන්තාවන් තිදෙනෙකු ඇතුළු සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

 

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ එහි කළමණාකරු ලෙස කටයුතු කළ මොරටුව ඉඳිබැද්ද ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි අයෙකු සහ අකුරැස්ස, බුත්තල සහ බුලත්සිංහල පදිංචි වයස අවුරුදු 23, 25 හා 35 යන වයස්වල පසු වන කාන්තාවන් තිදෙනෙකි.

 

කළුතර කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාවින්ද පියසේකර සහ සහකාර පොලිස් අධිකාරි දුමින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ උපදෙස් මත කළුතර කොට්ඨාශ අපරාධ විමර්ශණ කාර්්‍යාංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුජිත් මහතා ඇතුළු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් අය කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

views

138 Views

Comments

arrow-up