මෛත්‍රීගේ මුහුණ ගලවයි !

පොළොන්නරුව දිස්ත්‍රික්කය තුල පිහිටි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් නම හා පින්තූර ඇතුළත් සමරු ඵලක ආදී සියල්ල වසා දැමීමට දැනුම්දී තිබෙනවා.
මැතිවරණ කොමිෂන් විසින් මෙම දැනුම් දීම සිදු කර ඇත්තේ හිටපු ජනාධිපතිවරයා පොළොන්නරු දිස්ත්‍රික්කයෙන් මෙවර මැතිවරණයේ පාර්ලිමේන්තු අපේක්ෂකයෙකු වන බැවිනුයි.
මේ අතර සමගි ජන බලවේගේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ පිටකෝට්ටේ පිහිටි ප්‍රධාන කාර්යාලය ඉදිරියේ ඇති පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නම සහ පින්තූර ඉවත් කරන ලෙසද එම පක්ෂයට දන්වා තිබුණා.
එම පක්ෂ මූලස්ථානයට පැමිණි මැතිවරණ කොමිසමේ නිලධාරීන් පිරිසක් විසින් මෙම දැනුම් දීම සිදු කර තිබෙනවා.
සජිත් ප්‍රේමදාස මහතා මෙවර මැතිවරණයේ අපේක්ෂකයෙකු ඔහුගේ නම සහ පින්තූර ප්‍රදර්ශනය කළ නොහැකි බැවින් මේ ඒවා ඉවත් කරන ලෙස දන්වා ඇති බව සඳහන්.
672 Views
Comments