තවත් 430 කට සුවයි - සුවය ලැබූ ගණන 16656 දක්වා ඉහළට
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
28

තවත් 430 කට සුවයි - සුවය ලැබූ ගණන 16656 දක්වා ඉහළට

තවත් 430 කට සුවයි - සුවය ලැබූ ගණන 16656 දක්වා ඉහළට

මෙරට කොරෝනා වෛරස් ආසාධිතයන් අතුරින් තවත් 430 දෙනෙකු සුවය ලබා තිබෙනවා.

 

ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 16 656 දක්වා ඉහළ යනු ඇති.

 

දැනට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 5738 ක්.

 

ගතවූ පැය 24 තුළ ශ්‍රී ලංකාවෙන් ආසාධිතයන් 473 දෙනෙකු වාර්තා වුණා.

 

ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 22 දහස් 501 ක්.

 

මිනුවන්ගොඩ-පෑලියගොඩ කොවිඞ් පොකුර පවතින්නේ 18 දහස් 963 ක් ලෙසයි.

 

මෙරට සිටින සැක සහිත රෝගීන් ගණන 531 ක්. ශ්‍රී ලංකාවෙන් දැනට කොවිඞ් මරණ 107 ක් වාර්තා වී තිබෙනවා.

 

views

708 Views

Comments

arrow-up