බස් රථයක් තුල 49 හැවිරිදි දෙදරු මවකට ලිංගික හිංසනයක් කළ 24 හැවිරිදි සැකකරු අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
30

බස් රථයක් තුල 49 හැවිරිදි දෙදරු මවකට ලිංගික හිංසනයක් කළ 24 හැවිරිදි සැකකරු අත්අඩංගුවට

බස් රථයක්  තුල  49 හැවිරිදි දෙදරු මවකට ලිංගික හිංසනයක් කළ 24 හැවිරිදි සැකකරු අත්අඩංගුවට

කලුතර සිට අලුත්ගම තෙක් පොදු මගී ප්‍රවාහන ගමන් කරමින් සිටි රාජ්‍ය ආයතනයක සේවයේ නියුතු නිළධාරිනියකගේ සිරුර ස්පර්ශ කිරීමේ ලිංගික හිංසනයකට සම්බන්ධ සැකකාර තරුණයකු අලුත්ගම පොලීසියේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන අද (30) කලුතර අධිකරණයට ඉදිරිපත් කල බව කියයි.

එම සිදුවීම සම්බන්ධයෙන් නිළධාරිනිය අලුත්ගම පොලීසියට කළ පැමිණිල්ල අනුව ඊයේ (29) සවස අලුත්ගම බස් නැවතුමේදී සැකකාර තරුණයා අත්අඩංගුවට ගෙන කලුතර අධිකරණයට අද ඉදිරිපත් කර තිබේ.

සැකකාර තරුණයා කිතුල්ගල ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන අතර පානදුර සංචාරක හෝටලයක සේවය කරන 24 වියේ පසු වන්නෙකු බවත් 49 හැවිරිදි නිළධාරිනිය විවාහක දෙදරු මවක බවත් පොලීසිය සදහන් කරයි.

මෙම නිලධාරිනිය ඊයේ (29) දිනයේදී රැකියා ස්ථානයෙන් රාජකාරිය නිමවා කොළඹ සිට පැමිණෙන බස් රථයකින් අලුත්ගම තෙක් ගමන් කරමින් සිටියදී පසු පස අසුනේ සිට මෙම සැකකාර තරුණයා එම නිළධාරිනියගේ ශරීරය අවස්ථා කිහිපයකදී විටින් විට ස්පර්ශ කර ඇති අතර පසුව ඇය බසයේ අසුනින් නැගිට සෙසු මගීන්ට හා කොන්දොස්තරවරයාට මේ පිලිබදව හඩනගා පවසා තිබෙන බව පොලීසියට කල පැමිණිල්ලේ සදහන් වේ. '

එම අවස්ථාවේ අලුත්ගම බස් නැවතුමේ රාජකාරියේ යෙදී සිටි රථවාහන අංශයේ පොලිස් නිලධාරීන් දෙදෙනකු සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

views

778 Views

Comments

arrow-up