JAN
25
කොටි වල දැමූ රත්‍රං ගොඩ දාන්න ගිය කොස්තාපල් ඇතුළු 7ක් අත්අඩංගුවට

එල්ටීටීඊ ත්‍රස්තවාදීන් විසින් වල දැමූ බවට සැක කරන රත්රන් තොගයක් ගොඩ ගැනීමට උත්සාහ කළ කොස්තාපල්වරයෙකු ඇතුළු සැකකරුවන් 7 දෙනෙකු කිළිනොච්චිය ප්‍රදේශයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම පිරිස කිලිනොච්චිය රාමනාදපුර මාර්ග බාධකයේදී අත්අඩංගුවට ගනු ලැබුවේ රත්රන් සෙවීමට භාවිතා කරන අධිතාක්ෂණික ස්කෑන් යන්ත්‍රයක් ද සමගිනි.
අත්අඩංගුවට පත් සැකකරුවන් දින කිහිපයක් තුළ ම මෙම උපකරණ මාර්ගයෙන් රත්‍රං පරික්ෂා කර තිබූ බව හෙළිව තිබෙනවා.
ඔවුන් ගමන් කළ අධි අධිසුඛෝපභෝගි මෝටර් රථ දෙකක්ද පොලිසිය භාරයට ගැනුනා.
693 Views
Comments