කතරගම ප්‍රදේශයේ තවත් වෙඩි තැබීමක් - පුද්ගලයෙකු මරුට

ඊයේ පස්වරුවේ කතරගම නාගහවීථිය සමෘද්ධිය මාවතේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ 52 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.
ඊයේ රාත්‍රී 7.30ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර එයින් තුවාල ලැබූ පුද්ගලයාව දෙබරවැව මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබුණා.
දෙපාර්ශවයක් අතර තිබූ පෞද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බව පොලිසිය සඳහන් කරයි.
වෙඩි තැබීම සිදු කළ සැකකරුවන් මේ වන විට යාල කැලය තුල සැඟවී සිටින අතර ඔවුන් සොයා කතරගම පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය මෙහෙයුම ආරම්භ කර තිබේ.
1134 Views
Comments