අනාගතයේ ඉපදෙන හැම දරුවෙක්ම ඔබේ මිනී වලටත් හෙණ ගහන්න කියන්න සාප කරාවි - විජේදාස රාජපක්ෂ (VIDEO)

පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතාගේ නිවසට ඊයේ (18) මහා සංඝරත්නය වැඩම කර ඔහුට පිරිත් දේශනා කොට ආශිර්වාද කළා.
ඉන් අනතුරුව ඔහු මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් කියා සිටියේ කොළඹ වරාය නගර පනතෙන් වරාය නගරයේ ඕනෑම කොටසක් විකිණීමට අවශ්‍ය බලය ලබාදී ඇති බවයි.
එමෙන්ම එසේ විකිනීමේදී පනවා ඇති සීමාවන් ද පනත මගින් ඉවත් කර ඇති බව ඔහු ප්‍රකාශ කළා.
අප්‍රේල් 12 වන දින රජයේ නිවාඩුවක් බවට පත් කළේ ද එය වසන් කරමින් නඩු මාර්ග වලට අවතීර්ණ වීම වැලැක්වීමට බව ඔහු ප්‍රකාශ කළා.
එසේම තමන්ට ඕනෑ තරම් දේශපාලන අවලාද කළ ද එය ගැටලුවක් නොවන බවත් රටෙහි කිසිදු බිම් අඟලක් විදේශිකයන්ට අත්පත් කර ගැනීමට ඉඩ නොදෙන ලෙසටත් ඔහු ඉල්ලා සිටියා.
එහිදී අදහස් දැක් වූ මන්ත්‍රීවරයා,
"මේ රටේ බිම් අඟලක්වත් විදේශිකයන්ට අත්කර දෙන්න එපා.. අද විතරක් නෙවෙයි අනාගතයේ ඉපදෙන හැම දරුවෙක්ම මිනී වළටත් හෙණ ගහන්න කියා සාප කරාවි. ඒ සාපය ඔබට වැදුනේ නැතිනම් ඔබේ හත්මුතු පරම්පරාවේ දූ දරුවන්ට හරි වදිනවා." යනුවෙන්ද ප්‍රකාශ කළා.
831 Views
Comments