ඡන්ද විමසීමේ කාලය දිර්ඝ කෙරේ

මෙවර මහ මැතිවරණයේදී ඡන්ද විමසීම පැවැත්වෙන කාලසීමාව පැයකින් දීර්ඝ කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. ඒ අනුව පෙරවරු 07 ට ආරම්භ වන ඡන්ද විමසීම පස්වරු 05 දක්වා පැවැත්වේ.
මෙතෙක් පැවති මැතිවරණවලදී පෙරවරු 07 ට ආරම්භ වන ඡන්ද විමසීම පස්වරු 04 දක්වා සීමා විය.
ඡන්ද විමසීම පැවැත්වීමේදී කොවිඩ් 19 වෛරසය පාලනය කිරීම සඳහා හඳුන්වා දුන් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීමේදී සාමාන්‍ය ක්‍රමවේදයට වඩා වැඩි කාලයක් ගතවන හෙයින් ඡන්ද විමසීම සඳහා වෙන් කරන කාලසීමාව දීර්ඝ කිරීමට සිදුව තිබේ.
මේ අතර ඡන්ද විමසීම අවසන්වීමෙන් පසුව හැකි ඉක්මනින් ඡන්ද ගණන් කිරීමේ කටයුතු ආරම්භ කිරීම සාමාන්‍ය ක්‍රමවේදය වුවද පවත්නා අවදානම් තත්වය හේතුවෙන් ඡන්ද ගණන් කිරීමේ කටයුතු පසුදින දක්වා කල් දැමීමට ද මැතිවරණ කොමිසමේ අවධානය යොමුව තිබේ.
704 Views
Comments