විදෙස් තැපෑලට නව බද්දක්

යුරෝපා සංගමය විසින් තම සංගමයට අයත් රටවල් වලට ලැබෙන තැපැල් භාණ්ඩ සම්බන්ධ බදු ප්‍රතිපත්තිය සංශෝධනය කර තිබේ.
ඒ අනුව මෙම නව බදු පතිපත්තිය තැපැල් පාරිභෝගිකයන්, අන්තර්ජාලය මගින් අලෙවි කටයුතු වල නිරත වන්නන් මෙන් ම අන්තර්ජාල අලෙවිසැල්වලින් යුරෝපා සංගමයට අයත් රටවල් වෙත යොමු කරන භාණ්ඩ සඳහා අදාල වේ.
මෙම නව බදු ප්‍රතිපත්තියට අනුව යුරෝ 150ට අඩු වටිනා කමකින් යුත් තැපැල් භාණ්ඩ සඳහා යවන්නා විසින් අදාල රටට සෘජුවම බදු ගෙවිය යුතු අතර යුරෝ 150ට වැඩි වටිනාකමින් යුත් භාණ්ඩ සඳහා සියලුම බදු ගමනාන්තයේ දී එම රටවල රේගුව විසින් භාණ්ඩ ලබා ගන්නා අයගෙන් අයකර ගැනීමට කටයුතු කරන බව තැපැල්පතිවරයා දැනුම්දෙයි.
කෙසේවෙතත් භාණ්ඩය ලබන්නා මෙම බදු මුදල් සහ වැට් ගාස්තු ගෙවා භාණ්ඩය භාර නොගැනීමට ක්‍රියා කළහොත් එහි වගකීම පාරිභෝගිකයාට දැරීමට සිදුවන අතර ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව මෙම බදු හෝ අනෙකුත් බදු ගෙවීම් පිළිබඳ කිසිම අයුරකින් වගකීමක් නොදරන බවද තැපැල්පතිවරයාගේ නිවේදනයේ සඳහන්.
924 Views
Comments