අවු. 13 ට අඩු ළමුන් “රියලිටි”තරඟ සඳහා සහභාගී කරගැනීම තහනම් කිරීමට යෝජනාවක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
01

අවු. 13 ට අඩු ළමුන් “රියලිටි”තරඟ සඳහා සහභාගී කරගැනීම තහනම් කිරීමට යෝජනාවක්

අවු. 13 ට අඩු ළමුන් “රියලිටි”තරඟ සඳහා සහභාගී කරගැනීම තහනම් කිරීමට යෝජනාවක්

රූපවාහිනී Reality වැඩසටහන්, වෙළඳ දැන්වීම් සහ කාටුන් වැඩසටහන් සඳහා ළමුන් භාවිතා කිරීම පිළිබඳව දැඩි මාර්ගෝපදේශ හඳුන්වා දීමට ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය (NCPA) තීරණය කර තිබේ.

 

ඒ අනුව වයස අවුරුදු 13 ට අඩු ළමුන් රූපවාහිනී රියැලිටි වැඩසටහන් සඳහා භාවිතා කිරීම තහනම් කරමින් ගැසට් නිවේදනයක් ඉදිරියේදී නිකුත් කරන බවත් ශ්‍රී ලංකාවේ සියලුම රූපවාහිනී නාලිකා මෙම නව මාර්ගෝපදේශ පිළිපැදීමට අවශ්‍ය වන අතර ඊට අනුකූල නොවන රූපවාහිනී නාලිකාවලට එරෙහිව නීතිමය පියවර ගන්නා බව සහ රූපවාහිනී නාලිකාවන්හි විකාශනය වන වෙළඳ දැන්වීම් අධීක්ෂණය හා නියාමනය කිරීම සඳහා විශේෂ ඒකකයක් පිහිටුවා ඇති බවද ජාතික ළමා ආරක්ෂණ අධිකාරියෙහි සභාපති මහාචාර්ය මුදිතා විදානපතිරණ මහත්මිය පැවසීය.

 

රූපවාහිනී රියැලිටි වැඩසටහන් සඳහා භාවිතා කරන ළමුන් අපයෝජනය කිරීම සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට පැමිණිලි ගණනාවක් මෑතකදී ලැබීමත් සමඟ ජනමාධ්‍ය අමාත්‍යාංශය සමඟ අඛණ්ඩ සාකච්ඡා පවත්වා මෙම නව මාර්ගෝපදේශ පිළිබඳ තීරණයන්ට එළැඹ ඇති අතර එහිදී වයස අවුරුදු 3 ට අඩු ළමයින් වෙළඳ දැන්වීම් සඳහා යොදා ගැනීමට ඉඩ සලසන නීති සංශෝධනය කිරීම, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව වයස් සීමාව 13 සහ ඊට වැඩි කිරීම සහ ළමයින් ජාත්‍යන්තර වෙළඳ දැන්වීම් සහ රූපවාහිනියේ විකාශනය කරන කාටූන් වැඩසටහන් voice සඳහා යොදා ගැනීම පිළිබඳව අවධානය යොමු කිරීම යනාදී කරුණු සැලකිල්ලට ගෙන ඇත.

 

මෙරට පෞද්ගලික රූපවාහිනී නාලිකාවක ජන්ප්‍රිය ළමා රියැලිටි වැඩසටහනක් සඳහා 54 හැවිරිදි පසුතල නිර්මාණකරුවෙකු පන්නිපිටියේ පිහිටි ඔහුගේ නිවසේදී බාල වයස්කාර පිරිමි ළමයින් අපයෝජනය කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගැනීමත් සමඟ ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය විසින් මෙලෙස දැඩි ක්‍රියාමර්ග ගෙන තිබේ.

views

1027 Views

Comments

arrow-up