JUL
08
දුම්රියක් පීලි පනී - උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයි

වව්නියාව සිට කොළඹ බලා ධාවනය වු ශිඝ්‍රගාමි දුම්රියක් අද (08) උදැසන වව්නියාව ඉරට්ටපෙරියකුලම් ප්‍රදේශයේ දී පීලිපැනීමකට ලක් ව තිබේ.
මේ හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බව වව්නියාව දුම්රිය ස්ථානය පවසයි.
දුම්රිය පීලිපැනීම හේතුවෙන් දුම්රිය ගමනාගමන කටයුතු නවතා ඇති බවයි වාර්තා වන්නේ.
දුම්රිය පීලිගත කිරීම් සිදුකිරීමට නියමිත අතර, දුම්රිය පීලිපැනීම හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ගමන් ද ඇණ සිට පවතී.
672 Views
Comments