වතු වැටුප් 1000 නොදුන්නොත් වෘත්තීය ක්‍රියාමාර්ගයට යනවා

වතු කම්කරු වැටුප පොරොන්දු වූ පරිදි රුපියල් දහස දක්වා වැඩි කිරීම මාර්තු 1 වැනිදා සිදු නොකළ හොත් එදින සිට වෘත්තීය ක‍්‍රියාමාර්ග අරඹන බව පහත රට වතු කම්කරුවන්ගේ සංගමය පවසයි.
එසේ වැටුප වැඩි කිරීමට අපොහොසත් වුවහොත් මාරාන්තික උපවාසයක් ආරම්භ කිරීමටත්, ඉදිරි මහ මැතිවරණය වර්ජනය කරන අතර විදුලි බිලගෙවීමෙන් වැළකීමට හා හාම්පුතුන්ගේ බංගලාවල සේවය කිරීමෙන් බැහැර වීමටත් මේ වනවිට වතු කම්කරුවන් තීරණය කර ඇතැයි පහත රට වතුකම්කරුවන්ගේ සංගමයේ සභාපති රුවන් ගාල්ලගේ මහතා ඊයේ (20) පැවසීය.
වතු කම්කරු වැටුප රුපියල් 1000 ක් දක්වා වැඩිකරන බවට පසුගිය තෛපොංගල් දා ජනාධිපතිවරයා, වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා සහ කැබිනට් ප‍්‍රකාශකයන් විසින් කළ ප‍්‍රකාශය පිළිබඳව මේ වනවිට සැක සංකා මතුවන අන්දමේ සිද්ධීන් සිදුවෙමින් පවතිතැයි ද ගාල්ලගේ මහතා කියා සිටියේය.
642 Views
Comments