උල්කා වර්ෂාවන්හි රජ දැක්ම අද සහ හෙට

උල්කාපාත වර්ෂාවන් හි රජදැක්ම අද සහ හෙට යන දිනයන් දෙකේදී රාත්‍රී අහස නිරීක්ෂණය කිරීමෙන් ලෝකවාසීන්ට දැකබලා ගැනීමට හැකියාව තිබෙන බව විද්‍යාඥයින් පවසනවා.
ඉතාමත් දර්ශනීය අයුරින් සහ දීප්තිමත් ලෙස මෙවර දැක ගැනීමේ හැකියාව ලැබෙන බැවින් එය උල්කා වර්ෂාවන්හි රජදැක්ම ලෙසයි හඳුන්වා දී තිබෙන්නේ.
අද රාත්‍රි 9.00ත් 10.00ත් අතර ඊසාන දිග අහසේ උල්කා වර්ෂාව නිරීක්ෂණය කළ හැකි අතර හෙට අලුයම 2.00ත් 4.30ත් අතර කාලයේදී වයඹ අහසේ නිරීක්ෂණය කළ හැකි බවයි මහාචාර්ය චන්දන ජයරත්න මහතා සඳහන් කළේ.
පැයකට උල්කාෂ්ම 150ක් පමණ දිස්වන බව විදෙස් වාර්තා සඳහන් කර තිබුණා.
923 Views
Comments