උද්දික පාර්ලිමේන්තුවටම පරිප්පු ඉවත් කර බඩ ඉරිඟු කවයි

පාර්ලිමේන්තුවේ ආහාර වේල වෙනුවෙන් පරිප්පු ව්‍යාංජනය වෙනුවට බඩ ඉරිඟු ලබාදීමට තමන් කටයුතු කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
ඒ වෙනුවෙන් තමන් බඩ ඉරිඟු කිලෝ 10ක් පාර්ලිමේන්තුවට ගෙන ආ බව ඔහු සඳහන් කළා.
“අපි අද දවල්ට කෑවේ පරිප්පු වෙනුවට බඩ ඉරිඟු. මේ රටට අපි කොපමණ ප්‍රමාණයක් ඉන්දියාවෙන් ආනයනය කරනවද නමුත් පරිප්පුවලට වඩා ඉතාමත් ගුණයි බඩ ඉරිඟු. වෑංජනයක් ලෙස පාවිච්චි කරන්න පුළුවන්. අපි අද සියලු දෙනාම කෑවේ පරිප්පු නෙමෙයි බඩ ඉරිඟු. හැම දෙනාම රට හදන තැනක ඉන්නේ. පාර්ලිමේන්තුවෙන් අප පටන් ගත්තේ දේශීය ගොවියාව ශක්තිමත් කරන්න.” මන්ත්‍රීවරයා සඳහන් කළා.
866 Views
Comments