රට අභ්‍යන්තර ගුවන්ගමන් ඇරඹීමට රජය සැරසෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
27

රට අභ්‍යන්තර ගුවන්ගමන් ඇරඹීමට රජය සැරසෙයි

රට අභ්‍යන්තර ගුවන්ගමන් ඇරඹීමට රජය සැරසෙයි

මෙරට අභ්‍යන්තර ගුවන්ගමන් රජයෙන් ඇරඹීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට තීරණය කර තිබේ.

 

ඒ පසුගියදා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පරිශ්‍රයේදී විශේෂ සාකච්ඡාවදීය.

 

එම සාකච්ඡාව සඳහා ප්‍රවාහන, මහාමාර්ග , වරාය හා ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා ද සහභාගී විය.

 

මේ වනවිට සංචාරකයින්ගේ පැමිණීම ශ්‍රීඝ්‍රයෙන් වැඩි වෙමින් පවතින බැවින් ගුවන්තොටුපොළ පහසුකම් හැකිතාක් පුළුල් කිරීමට ද මෙම සාකච්ඡාවේදී තීරණය වී තිබේ. 

 

දැනට පවතින ඇතුළු වීමේ කවුන්ටර (check – in counters) 20ක ප්‍රමාණයක් වත් එකතු විය යුතු බවට තීරණය වු අතර ඒ සඳහා අවශ්‍ය ස්ථාන නීරික්ෂණය කළේය.

 

තව ද පහසුකම් වැඩිදියුණු කර වෙනත් ජාත්‍යන්තර ගුවන් සමාගම්වලට ද අප ගුවන්තොටුපොළට ආරාධනා කරන්නට ද මෙම සාකච්ඡාවේදී තීරණය වී ඇත.

 

වසරකට මිලියන 12 ක පමණ ගුවන් මගීන් ප්‍රමාණයක් 2028 වන විට අපේක්ෂා කරන බැවින් ඊට සුදානම් වීමට අවශ්‍ය උපදෙස් අමාත්‍යවරයා විසින් ලබා දුනි.

views

114 Views

Comments

arrow-up