ලබන සතියේ සැම දිනකම දිනකට ලාංකිකයන් 300 ක් දිවයිනට

විදේශයන්හී සිටි තවත් ශ්‍රී ලාංකිකයන් 149 දෙනෙකු අද අලූයම දිවයිනට පැමිණ තිබෙනවා.
කටාර් රාජ්‍යයේ සිට 96 දෙනෙකු සහ ඉන්දියාවේ සිට 53 දෙනෙකු අද අලූයම මෙලෙස දිවයිනට පැමිණ ඇති බවයි කොවිඩ් 19 ව්‍යාප්තවීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කළේ.
ඔවුන් සියලූදෙනා පී සී ආර් පරික්ෂණවලින් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථානවෙත යොමුකර තිබෙනවා.
මේ අතර එළඹෙන සතියේදී සැම දිනකම දිනකට 300ක් පමණ වන පරිදි ශ්‍රී ලාංකිකයන් දිවයිනට ගෙන්වා ගැනීමට සැලසුම් කර ඇති බව යුද හමුදාපති ලූතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.
ත්‍රිවිද හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 47ක් තුල මේවනවිට රැදී සිටින සංඛ්‍යෘව 5088ක්.
ශ්‍රී ලංකාවෙන් මේ දක්වා වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගණන 22500ක් වන අතර ඒ අතරින් 16225 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබෙනවා. ඒ අනුව තවත් 6168 දෙනෙකු ප්‍රතිකාර මධ්‍යස්ථානවල සිටිනවා.
ඊයේ දිනයේදී මෙරටින් කොරෝනා මරණ 8ක් වාර්තා වූ අතර ඒ අනුව මේ දක්වා වාර්තාවන කොරෝනා මරණ සංඛ්‍යාව 107දක්වා ඉහල යනු ඇති.
683 Views
Comments