කංජිපානි ඉම්රාන්ට බන්ධනාගාර නිලධාරියෙක් වදියි.. වීඩියෝව ආරක්‍සක ලේකම් අතට..
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
16

කංජිපානි ඉම්රාන්ට බන්ධනාගාර නිලධාරියෙක් වදියි.. වීඩියෝව ආරක්‍සක ලේකම් අතට..

කංජිපානි ඉම්රාන්ට බන්ධනාගාර නිලධාරියෙක් වදියි.. වීඩියෝව ආරක්‍සක ලේකම් අතට..

බන්ධනාගාරයේ රඳවා සිටින සුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කංජිපානි ඉම්රාන් රදවා සිටින සිර කුටියට ගොස් බන්ධනාගාර නිලධාරියෙකු ඔහුට වැද ඇති බව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා සඳහන් කරයි.

 

එසේ වඳින දර්ශන ඇති වීඩියෝවක් තමන් සතුව ඇති බවද ඒ මහතා පැවසීය.

 

බන්ධනාගාර වල සිට අපරාධ මෙහෙයවීම සම්බන්ධයෙන් තොරතුරු තවත් වාර්තා වෙමින් ඇතැයි ද කී ඔහු එළියෙ සිදුවන සියලූ මත්ද්‍රව්‍ය ජාවාරම් කටයුතු මෙහෙයවන්නේ බන්ධනාගාරය තුල සිට යයිද කියා සිටියේය.

 

ඔහු මෙම අදහස් පල කරන ලදී කොළඹ පැවති උත්සව සභාවක් අමතමිනි.

 

ජාවාරම්කරුවන් සිරගත කිරීම සිදු කිරීමෙන් පමණක් අපරාධ වලට විසඳුමක් නොලැබෙන බවද ඔහු සඳහන් කළේය.

 

views

1103 Views

Comments

arrow-up