වැලිකඩ හිරගෙදර ඝාතන සිදුවීමේ ‘සැඟවූ වීඩියෝව’ එළියට එයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
31

වැලිකඩ හිරගෙදර ඝාතන සිදුවීමේ ‘සැඟවූ වීඩියෝව’ එළියට එයි

වැලිකඩ හිරගෙදර ඝාතන සිදුවීමේ ‘සැඟවූ වීඩියෝව’ එළියට එයි

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවූවන් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ දී නීතිපතිවරයා විසින් සාක්ෂියක් වශයෙන් ඉදිරිපත් නොකළ එම කැරැල්ලේ සජීවී දර්ශන සහිත වීඩියෝ පටියක් දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (30) ප්‍රදර්ශනය කෙරුණා.

 

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව විසින් අදාළ වීඩියෝ පටය ජනාධිපති කොමිසම හමුවට ඉදිරිපත් කර තිබුණා.

 

වැලිකඩ බන්ධනාගාරයේ කැරැල්ල සිදු වූ 2012 නොවැම්බර් 09 වැනිදා රාත්‍රී සහ නොවැම්බර් 10 වැනි දින අලුයම් කාලයේ දර්ශන එම වීඩියෝ පටියේ ඇතුළත් වනවා.

 

තමන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා පත්‍ර භාර දුන් අවස්ථාවේ දී නීතිපතිවරයා විසින් එම වීඩියෝ පටිය සහ ඊට අදාළ ඡායාරූප ඇතුළත් ගොනුවක් ලබා දුන්නද, වීඩියෝ පටිය සාක්ෂියක් වශයෙන් ඉදිරිපත් නොකළ බව නියෝමාල් රංගජීව ජනාධිපති කොමිසම වෙත දන්වා සිටියා.

 

වැලිකඩ බන්ධනාගාර කැරැල්ලට තමාව පටලවා, එල්ලුම් ගස් යවන්න ඕනෑ නිසා නීතිපතිවරයා ඇතැම් සාක්ෂි සඟවා ඇතැයි ජනාධිපති කොමිසම හමුවේ සාක්කි දෙමින් දන්වා සිටි නියෝමාල් රංගජීව, එම කැරැල්ල සිදු වූ දින රාත්‍රියේ විදුලිය විසන්ධි වී තිබූ අවස්ථාවක, තමන් සිටිනවා දුටු බවට බොරු සාක්ෂි නිර්මාණය කර තිබෙන බවත් දන්වා සිටියා.

 

views

813 Views

Comments

arrow-up