ඇඳිරි නීතිය ගැන අලුත්ම විස්තරේ මෙන්න
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
25

ඇඳිරි නීතිය ගැන අලුත්ම විස්තරේ මෙන්න

ඇඳිරි නීතිය ගැන අලුත්ම විස්තරේ මෙන්න

දිවයින පුරා දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය ඉවත් කිරිම සහ නැවත පැනවීම පහත පරිදි සිදු කිරිමට තිරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් සඳහන් කරයි.

 

කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක තුළ දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දැනුම්දෙන තුරු බලපැවැත් වෙනු ඇත.

 

පුත්තලම, වවුනියාව, මන්නාරම, කිලිනොච්චි, මුලතිව් සහ යාපනය දිස්‍ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නිතිය මාර්තු 27 සිකුරාදා පෙ.ව 6.00ට ඉවත් කෙරෙන අතර, එදිනම දහවල් 12.00ට නැවත පනවනු ලැබේ.

 

සෙසු දිස්ත්‍රික්කවල දැනට ක්‍රියාත්මක ඇඳිරි නිතිය හෙට (26) බ්‍රහස්පතින්දා පෙ.ව 6.00ට ඉවත් කෙරෙන අතර, එදිනම දහවල් 12.00ට නැවත පනවනු ලැබේ.

 

දිවයිනේ සියලු දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන් ම තහනම් කර ඇත. එසේම විදේශීය සංචාරකයන් තැනින් තැනට ගෙන යාම ද සම්පූර්ණයෙන් තහනම් වෙයි.

 

ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ කවර දිස්ත්‍රික්කයක වුව ද ගොවිතැන් වැඩ කරන සහ කුඩා තේ වතු හා අපනයන බෝග නිෂ්පාදන ක්‍රියාවලියෙහි නිරත ජනතාවට එකී වැඩ කිරීමට අවසර ඇත.

 

මාධ්‍ය සේවා සඳහා මෙන්ම සහල් ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය හා එළවළු ප්‍රවාහනයට ඉඩ දෙනු ලැබේ.

 

ගුවන් මගීන් සඳහා ගුවන් තොටුපළ හා වරාය සේවා පවත්වාගෙන යාමට ද අවසර ඇත.

 

කෘෂිකර්ම සහ වෙළෙඳ විෂයය භාර අමාත්‍යවරයා මේ කාර්යයන් විධිමත්ව පාලනය කළ යුතු බව රජය දැනුම් දෙයි.

views

1188 Views

Comments

arrow-up