ගම්පහ ඇතැම් ප‍්‍රදේශවල නව රෝගීන් නෑ.. ඇදිරි නීතිය ඉවත් කරන්න සූදානම්..
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
28

ගම්පහ ඇතැම් ප‍්‍රදේශවල නව රෝගීන් නෑ.. ඇදිරි නීතිය ඉවත් කරන්න සූදානම්..

ගම්පහ ඇතැම් ප‍්‍රදේශවල නව රෝගීන් නෑ.. ඇදිරි නීතිය ඉවත් කරන්න සූදානම්..

දැනට ඇඳිරි නීතිය පනවා තිබෙන ඇතැම් ප්‍රදේශවල එය ඉවත් කිරීමේ හැකියාවක් පවතින්නේ යැයි යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

 

ඇදිරි නීතිය පනවා ඇති ඇතැම් ප්‍රදේශවලින් ආසාදිතයන් වාර්තා නොවීම හේතුවෙන් මෙම තත්ත්වය අධීක්ෂණය කරමින් සිටින බවද ඔහු කියා සිටියි. ගම්පහ දිස්ත්‍රික්කයේ වේයන්ගොඩ ඇතැම් පොලිස් බල ප්‍රදේශවල ඇදිරි නීතිය ඉවත් කිරීම සම්බන්ධයෙන් සලකා බලමින් සිටින බවද ඔහු පැවසීය.

 

සෙසු ප්‍රදේශවල ඇඳිරි නීතිය පනවා නොතිබුණත් අත්‍යවශ්‍යම කරුණකට හැරුණු විට දිස්ත්‍රික් සීමාවන් හරහා යාමෙන් වලකින ලෙසද හමුදාපතිවරයා ඉල්ලා සිටී.

 

 

 

 

views

832 Views

Comments

arrow-up