දැන් රන් සංචිතත් ඉවර වෙන්න ළඟයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
08

දැන් රන් සංචිතත් ඉවර වෙන්න ළඟයි

දැන් රන් සංචිතත් ඉවර වෙන්න ළඟයි

විදේශ සංචිතවල සමස්ත පහත වැටීමක් මධ්‍යයේ ඉකුත් ජනවාරි මාසයේදී සිය රන් සංචිතයේ තවත් කොටසක් විකුණා දැමීමට බහ බැංකුව කටයුතු කොට ඇති බව නිල දත්ත පෙන්වා දෙයි.

 

මහ බැංකුවේ රන් සංචිතය දෙසැම්බර් මාසයේදී ඩොලර් මිලියන 175 සිට 2022 ජනවාරි මාසය වනවිට ඩොලර් මිලියන 92 දක්වා අඩු විය.

 

ශ්‍රී ලංකාව 2021 දෙසැම්බර් මාසයේදී රත්‍රන් අලෙවි කර ඇත.

 

2021 දෙසැම්බර් අවසානය වන විට ශ්‍රී ලංකාවේ රත්‍රන් ටොන් 3.1ක් පමණ තිබී ඇතැයි ගණන් බලා ඇත.

 

නවතම අලෙවියෙන් රත්‍රං තොග ටොන් 1.6ක් දක්වා අඩු වී ඇතැයි ගණන් බලා ඇත.

 

මහ බැංකු අධිපති නිවාඩ් කබ්රාල් එකල ප්‍රකාශ කළේ විකුණුම් සමස්ත සංචිත පහත වැටීම නිසා ද්‍රවශීල වත්කම් ඉහළ යනු ඇති බවයි.

views

678 Views

Comments

arrow-up