සංවර්ධනයට ඇති ප්‍රධානතම බාධාව දූෂණයයි - දූෂණ විරෝධී දිනයේදී ජනපති පෙන්වා දෙයි

මෙරට සංවර්ධනයට ඇති විශාලතම බාධකය දූෂණය බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.
අද දිනට යෙදී තිබෙන දූෂණ විරෝධී දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව සදහන් කළා.
අධීක්ෂණ යාන්ත්‍රණයේ ඇති දුබලතා හේතුවෙන් දූෂණයට ඉඩ ප්‍රස්ථා විවර වන බවයි ජනාධිපතිවරයා පෙන්වාදෙන්නේ. සංවර්ධනයේ දී ඇතිවන දූෂණයට එරෙහිව වඩාත් හොඳින් සටන් කිරීමට හැකියාව ලැබෙන්නේ ඊට එරෙහිවීමට රටේ ජනතාවට ඇති උවමනාව සහ දක්වන නැඹුරුතාව මත බව ජනාධිපතිවරයා සදහන් කර තිබෙනවා.
රටේ සියලුම ජනතාව බලගැන්වීමට සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉහළ අවධානයක් යොමු කර තිබෙන්නේ මේ සඳහා බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර සිටින්නේ.
දූෂණය නාස්තිය පිටුදැකීම වර්තමාන රජයේ පුමුඛ වගකීමක් බවත් ජනපති නිකුත් කළ සිය නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.
621 Views
Comments