පොළොන්නරුවේ වඩේ මුදලාලිට කොරෝනා

පොළොන්නරුව බකමූණ නගරයේ වඩේ වෙළෙදසැලක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.
මෙම පුද්ගලයා පසුගිය දිනෙක ඉස්සන් රැගෙන ඒමට පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණයට ගොස් ඇති බවට තොරතුරු වාර්තාවීමත් සමග ඔහු පී.සී.ආර්. පරීක්ෂණයකට ලක් කර තිබුණා.
ඒ අනුව වයස අවුරුදු 34ක් වන මෙම පුද්ගලයා කොවිඩ් ආසාදනය වී ඇති බවට ඊයේ (25) රාත්‍රී අනාවරණය වී ඇති බව සඳහන්.
මේ අතර එම ආසාදිතයාගේ පවුලේ සාමාජිකයින් හා එම ප්‍රදේශයේ නිවාස 10ක පමණ පුද්ගලයින් ද ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා.
779 Views
Comments