මිලියන 97ක මත්ද්‍රව්‍ය සමඟ විදෙස් ජාතිකයෙක් අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
08

මිලියන 97ක මත්ද්‍රව්‍ය සමඟ විදෙස් ජාතිකයෙක් අත්අඩංගුවට

මිලියන 97ක මත්ද්‍රව්‍ය සමඟ විදෙස් ජාතිකයෙක් අත්අඩංගුවට

රුපියල් මිලියන 97ක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක්, සිය ගමන් මල්ලේ සඟවා ගෙන කටුනායක ගුවන්තොටුපොළේ 'හරිත මාවත' ඔස්සේ පිට වී යාමට තැත් කළ විදේශිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

අද (08) අලුයම ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් 66 හැවිරිදි බොස්නියානු ජාතිකයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

 

ඔහු සිය ගමන් මල්ලේ, පාද පිරිසිදු කිරීමට යොදා ගන්නා, බ්‍රස් 114ක් තුළ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 02යි ග්‍රෑම් 759ක් සූක්ෂම ලෙස සඟවා ගෙන පැමිණ තිබුණි.

 

මොහු මෙම මත්ද්‍රව්‍ය තොගය රැගෙන කොලොම්බියාවෙන් ගමන් ආරම්භ කර කටාර් රාජ්‍යයේ දෝහා වෙත පැමිණ තිබේ. 

 

ඉන්පසුව ඔහු එතැන් සිට අද අලුයම 02.40ට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්-662 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි.

 

අත්අඩංගුවට ගත් බොස්නියා ජාතිකයා සහ කොකේන් මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාරදීමට පියවර ගෙන තිබේ.

views

120 Views

Comments

arrow-up