ඇඟලුම් කම්හලේ 119ක් තවමත් සෞඛ්‍ය අංශවලට වාර්තා කර නෑ

බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවයේ නියුතු තැනැත්තන් 119ක් පිළිබඳව විශේෂයෙන් සොයා බැලීමට සිදුවී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ලේකම්වරායා පවසයි.
ගම්පහ දිස්ත්‍රික්කයේ කොවිඩ් -19 හා සම්බන්ධ නව තත්ත්වය පිළිබඳව ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.
ඔහු පෙන්වා දෙන්නේ එම සංඛ්‍යාව ඊයේ (09) වනවිට 250ක පමණ අගයක් ගත්තද මේ වන විට එය අඩුකර ගැනීමට හැකියාව ලැබී ඇති බවය.
එම පිරිස් සොයා ගැනීමට ආරක්ෂක අංශවල මැදිහත්වීමෙන් විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක බවද ඔහු සඳහන් කරයි.
මෙම පිරිස් හඳුනාගෙන නිරෝධායනය හෝ සෞඛ්‍ය ආයතන කරා යොමු කිරීමට හැකි වූ විට ගම්පහ දිස්ත්‍රික්කය තුළ මෙම තත්ත්වය පාලනය කළ හැකි බව විශ්වාසයක් පවතින බව ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.
662 Views
Comments