පස්දෙනෙකු මැරූ නඩුවේ මරණ දණ්ඩනය නියම වූ විත්තිකරු නිදොස් කොට නිදහස්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
26

පස්දෙනෙකු මැරූ නඩුවේ මරණ දණ්ඩනය නියම වූ විත්තිකරු නිදොස් කොට නිදහස්

පස්දෙනෙකු මැරූ නඩුවේ මරණ දණ්ඩනය නියම වූ විත්තිකරු නිදොස් කොට නිදහස්

දෙල්ගොඩ මහවත්ත ප්‍රදේශයේ පිහිටි නිවසකට 2008 මැයි 19 වැනිදා රාත්‍රි කාලයේ කඩාපැන එකම පවුලේ මව, පියා ඇතුළු පස්දෙනකු කපා කොටා ඝාතනය කර මියගිය අයගේ ඥාති දැරියකගේ හිසට මන්නා පිහියකින් කොටා සමූහ දූෂණයට ලක් කළ බවට එල්ල වූ චෝදනාවලට වරදකරු කර ගම්පහ මහාධිකරණය මගින් මරණීය දණ්ඩනය නියම කර තිබූ විත්තිකරුවකු නිදොස් කොට නිදහස් කිරීමට අභියාචනාධිකරණය ඊයේ (25) නියෝග කළේය.

 

වැලිවිට ලියනගේ දොන් මහේෂ් වසන්ත පෙරේරා නමැති එම නඩුවේ දෙවන විත්තිකරු ගොනුකර තිබූ අභියාචනාවක් විභාග කළ නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්. ගුරුසිංහ යන විනිසුරු මඬුල්ල ගම්පහ මහාධිකරණය මගින් නියම කොට තිබූ එම තීන්දු ප්‍රකාශය නීතියට පටහැනි දෝෂ සහගත තීන්දුවක් බවට නිගමනය කරමින් එම නියෝගය නිකුත් කළේය.

 

නීතිපතිවරයා විසින් ගම්පහ මහාධිකරණය හමුවේදී මරණකරුවන්ගේ ඥාතීන් දෙදෙනකුට එරෙහිව එකී චෝදනා යටතේ පවරා තිබූ නඩුවක් විභාග කර ලබාදුන් තීන්දුව අනුව එම නඩුවේ පළමු සැකකරු සියලු අධිචෝදනාවලින් නිදොස් කොට නිදහස් කර තිබූ අතර දෙවැනි විත්තිකරුට මරණ දඬුවම නියම කර තිබිණි.

views

247 Views

Comments

arrow-up