FEB
19
ගණේමුල්ල සංජීව උසාවිය තුළ දී ඝාතනය වෙයි - තොරතුරු රැසක් එළියට

අලුත්කඩේ අධිකරණ සංකීර්ණය ඇතුළතදී වෙඩි තැබීමක් සිදුව තිබේ.
පොලීසිය පැවසුවේ, වෙඩි තැබීමෙන් සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙකු වන ගණේමුල්ල සංජීව නැමැත්තා ජීවිතක්ෂයට පත්ව ඇති බවය.
ගණේමුල්ල සංජීව නැමැත්තාව නඩු කටයුත්තක් සඳහා බූස්ස බන්ධනාගාරයේ සිට අද (19) පෙරවරුවේ අලුත්කඩේ අධිකරණය වෙත රැගෙනවිත් තිබුණි.
නීතිඥවරයෙකු ලෙස වෙස්වලාගෙන පැමිණි පුද්ගලයෙකු විසින් වෙඩිතැබීම සිදුකර ඇතැයි අනාවරණය වී තිබේ.
155 Views
Comments