කාලගුණයෙන් රතු නිවේදනයක් !

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද වැසි, තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අනතුරු ඇගවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
දිවයිනට ගිණිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩුපීඩන කලාපය ඉදිරි පැය 24 තුළ දී පීඩන අවපාතයක් දක්වා වර්ධන විය හැකි බවයි ඔවුන් නිකුත් කල නිවේදනයේ දැක්වෙන්නේ.
ඉදිරි පැය 48 ක කාලය තුළ එම පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පවතින බවත් එය වයඹ දෙසට ගමන් කරමින් නොවැම්බර් මස 24 වන දින දිවයිනේ ඊශාන දිග වෙරළබඩ ප්‍රදේශ වෙත ළගාවෙනු ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
නැගෙනහිර, උතුරු සහ උතුරු මැද පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 150 ට වැඩි ඉතා තද වැසි ද ඇති විය හැකි බවද එම නිවේදනයේ සඳහන් වනවා.
පුත්තලම සිට මන්නාරම, කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු හෝ දළ රළු විය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතුවලින් වැළකී සිටින ලෙසටයි දැනුම් දෙන්නේ.
පුත්තලම සිට කොළඹ හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බැවින් මෙම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතුවල යෙදීමේදී වඩාත් අවදානයෙන් පසුවිය යුතු බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා සිටිනවා.
760 Views
Comments