ආපනශාලා ආහාර මිල ඉහල දමයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
18

ආපනශාලා ආහාර මිල ඉහල දමයි

ආපනශාලා ආහාර මිල ඉහල දමයි

මෙවර අය වැය මගින් ආපනශාලා හිමියන් වෙත කිසිදු සහනයක් නොලැබීම නිසා අද මධ්‍යම රාත්‍රියේ සිට ආපනශාලා ආහාර කිහිපයක මිල ඉහළ දමන බව ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා පවසයි.

 

ඒ අනුව ප්ලේන්ටි එකක් මිල රුපියල් 05කින්, කිරි තේ එකක මිල රුපියල් 20කින්, කොත්තු සහ රයිස් එකක මිල රුපියල් 30කින් සහ ෂෝට්ඊට්ස් හි මිල රුපියල් 20කින් මිල ඉහළ දමන බව ද සදහන් කරයි.

 

මේ වන විට පොල් ගෙඩියක මිල රුපියල් 200ත් 250ත් අතර වන බවත් ලුණු පැකට්ටුවේ මිල රුපියල් 20කින් පමණ ද සහල් කිලෝවක් රුපියල් 250ත් 280ත් අතර මිලක පවතින බැවින් මෙම තීරණය ගත් බව ද පවසයි.

views

85 Views

Comments

arrow-up