රන්ජන් ගේ හඬ පට පරීක්ෂාවට පොලිස් කණ්ඩායම් 10ක්

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ දුරකතන සංවාද ඇතුළත් හඬපට පරීක්ෂා කිරීම සඳහා පොලිස් කණ්ඩායම් 10ක් පත්කර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේ පොලිස් අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් අදාළ විමර්ශන ක්‍රියාත්මක බව ය.
අදාළ විමර්ශන කඩිනමින් අවසන් කර වාර්තාවක් ලබා දෙන්නැයි කොළඹ අපරාධ කොට්ඨායේ අධ්‍යක්ෂවරයාට වැඩබලන පොලිස්පතිවරයා විසින් දැනුම් දී ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
අදාළ හඬපට පරීක්ෂා කිරීමෙන් අනතුරුව රන්ජන් රාමනායක මහතා සම්බන්ධයෙන් වෙන් වෙන් වශයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමට සිදුවනු ඇති.
විශාල හඬපට ප්‍රමාණයක් ඇති බැවින් ඒවා පරීක්ෂා කර ඊට අදාළ කරුණු වාර්තා කිරීම සංකීර්ණ ක්‍රියාවලියක් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
682 Views
Comments