මීරිගමදී වෙඩි පහරකින් කොස්ගොඩ තාරක මරුට

තවත් සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කොස්ගොඩ තාරක අද (13) අලුයම පොලීසිය සිදු කළ වෙඩි තැබීමකින් මිය ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.
බස්නාහිර උතුර පොලිස් බුද්ධි කොට්ඨාශය භාරයේ සිටී කොස්ගොඩ තාරක මීරිගම පොලිස් වසමේ රේන්දපොළ ප්‍රදේශයට විශේෂ මෙහෙයුමක් සඳහා රැගෙන ගොස් සිටි අවස්ථාවේදී ඔහු විසින් පොලිසියට ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සාහ කර තිබෙනවා. එහිදී ඇතිවූ සිද්ධියකදී ධර්මකීර්ති තාරක පෙරේරා විජේසේකර නොහොත් කොස්ගොඩ තාරක මියගොස් ඇත්තේ.
වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ කොස්ගොඩ තාරක නැමැත්තා රෝහල්ගත කරන විටත් මිය ගොස් සිටි බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ. කෙසේ නමුත් මෙම සිද්ධියේදී පොලිස් පරීක්ෂකවරයෙකුටද තුවාල සිදුවී ඇති අතර ඔහු වතුපිටිවල රෝහලට ඇතුළත් කර තිබෙනවා.
මේ වෙනවිට සැකකරුගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණයක් බස්නාහිර පළාත උතුර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ සිදුකිරීමට නියමිතයි.
මිය යන විට වයස අවුරුදු 34 ක් වූ කොස්ගොඩ තාරක දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුවූ මනුෂ්‍ය ඝාතන 7ක් සහ කොල්ලකෑම් 21ක් සම්බන්ධයෙන් අත්‍යවශ්‍ය සැකකරුවෙකු ලෙස පොලිස් වාර්තා වලට එක්වී තිබෙනවා.
එමෙන්ම මෙන්ම පසුගිය 2018 වසරේ මාතර නගරයේ ස්වර්ණාභරණ වෙළඳසැලක් කොල්ලකෑමේ සිද්ධියට ප්‍රධාන සැකකරුවන් වූයේස කොස්ගොඩ තාරකයි. එම අවස්ථාවේදී මාතර පොලිසියේ පොලිස් නිලධාරියකු ද වෙඩි වැදී ඝාතනයට ලක්වූවා.
1619 Views
Comments