නාගදීප දූපත අවට ප්‍රදේශවල මුහුදු රළ ඉහළට

පවතින අයහපත් කාළගුණ තත්වය හේතුවෙන් යාපනය නාගදීප දූපත අවට ප්‍රදේශවල මුහුදු රළ ඉහළ ගොස් තිබෙනවා.
දින දෙකක කාලයක් පවතින වර්ෂාව හා සුළං තත්වය මත උතුරු පළාත අවට සාගර කලාපය දැඩි රළු වී ඇති බව සඳහන්.
යාපනය, නාගදීප හා ඩෙල්ෆ් දූපත් වෙත මගීප්‍රවාහන බෝට්ටු ගමනාගමන කටයුතු වෙනුවෙන්ද මුහුද රළුවීම ගැටළුවක් වි ඇති බව එම ප්‍රදේශයේ ජනතාව පවසනවා.
නාගදීප දූපත වෙත පිවිසෙන ඇතැම් මාර්ග මුහුදු රළ රළුවීම හේතුවෙන් ඊයේ පස්වරුවේ ජලයෙන් යට වී තිබෙනවා.
736 Views
Comments