JUL
19
අඟහරුවාදා සිට බස් ධාවනය අඩු කරනවා – ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය කියයි

ලබන අඟහරුවාදා සිට දෛනික ධාවන කටයුතු සඳහා යොදවනු ලබන පෞද්ගලික බස් රථ සංඛ්‍යාව සීයයට 50 කින් අඩු කිරිමට සුදානම් වන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ප්‍රකාශ කර සිටිනවා.
බස් ගාස්තු ඉහල දැමීමට අවසරය හිමි නොවන බවත් කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් පවතින බිය නිසා ජනතාවද පොදු ප්‍රවාහන සේවා සිය ගමන් බිමන් සඳහා යොදා ගැනීමේ අඩුවක් පැවතීම නිසා බස් හිමියන් පාඩු ලබන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ
648 Views
Comments