මෙරට Covid-19 යළි ව්‍යාප්තියට වගකිවයුතු කවුද? සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කියයි

රට විවෘත කිරීමෙන් පසු ජනතාව, දේශපාලනඥයන්, ආයතන සහ විවිධ ක්ෂේත්‍ර සීමාව ඉක්මවා කටයුතු කිරීම Covid -19 වයිරසය යළි ව්‍යාප්ත වීමට හේතුවූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.
සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද නොසලකා හරිමින් කටයුතු කළ ආකාරයක් දක්නට ලැබුණු බව ඔහු අවධාරණය කර සිටියි. ආර්ථිකය ගොඩ නැගීම, දෛනික ජීවිතය පවත්වාගෙන යාම යන කරුණු සැලකිල්ලට ගනිමින් රට විවෘත කළ බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කරයි. එහෙත් ජනතාව දේශපාලනඥයන් සහ ආයතන එය සැහැල්ලුවට ගත් බව ඔහු පෙන්වා දෙයි.
කෙසේ වෙතත් මෙම තත්ත්වය පාලනය කළ හැකි බවද ඒ සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බවද ඔහු සඳහන් කළේය.
Covid -19 තාක්ෂණික කමිටුවද රැස්වී පාලනය කිරීම සඳහා තීන්දු තීරණ රැසක් ගත් බවත්, ඒවා ක්‍රියාත්මක කිරීමේදී ජනතාවගේ, දේශපාලනඥයන්ගේ සහයෝගය අත්‍යවශ්‍ය බවද ඔහු පැවැසුවේය.
733 Views
Comments