Facebook යතුරුපැදි තරගයක් පැද්ද 39ක් අත්අඩංගුවට

මුහුණු පොත හරහා සංවිධානය කර පිලියන්දල කැස්බෑව විකල්ප මාර්ගයේ යතුරු පැදි තරඟයක් පැවැත්වූ තරුණයින් 39 සහ යතුරුපැදි 27ක් අත්අඩංගුවට ගත් බව පිලියන්දල පොලිසිය පවසනවා.
පොලිස් හදිසි ඇමතුම් අංශය 119 කථන අංකයට ලද තොරතුරක් අනුව පිලියන්දල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තවත් රංඡිත් පරිපාලන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කමල් කොඩිතුවක්කු මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් නිලධාරීන් විසි දෙනෙකු ගෙන් මෙම මෙහෙයුම සිදුකර තිබෙනවා.
කණ්ඩායම් තුනක් කුස්සියේ වැටලීම සිදුකර මෙම සැකකාර තරුණයින් පිරිස අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.
747 Views
Comments