ජාතික හැදුනුම්පත් ගාස්තුත් ඉහළ යයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
14

ජාතික හැදුනුම්පත් ගාස්තුත් ඉහළ යයි

ජාතික හැදුනුම්පත් ගාස්තුත් ඉහළ යයි

 

ජාතික හැදුනුම්පත් සේවා ගාස්තු ලබන නොවැම්බර් මස 1 වැනිදා සියයට 100 කින් ඉහළ දමමින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අති විශේෂ ගැසට් නිවේදනයක්  (13) රාත්‍රී නිකුත් කර තිබේ.

 

ඒ අනුව පළමුවරට ජාතික හැඳුනුම්පතක් ලබාගැනිමට ඉදිරිපත් කරන අයදුම්පත්‍රයකට මෙතෙක් අයකළ රුපියල් 100 ක ගාස්තුව රුපියල් 200 ක් දක්වා ඉහළ දමා තිබේ.

 

ජාතික හැනුම්පතේ අනු පිටපතක් නිකුත් කිරීමේ මෙතෙක් පැවැති රුපියල් 500 ක ගාස්තුව රුපියල් 1,000 ක් දක්වා ද, ජාතික හැනුම්පතේ සංශෝධිත සහිත අනු පිටත් නිකුත් කිරීමේ පැවැති රුපියල් 250 ක ගාස්තුව රුපියල් 500 ක් දක්වා ද, කල්ඉකුත් වූ ජාතික හැදුනුම්පතකට නව හැදුනුම්පතක් නිකුත් කිරීමට මෙතෙක් අය කළ රුපියල් 100 ක ගාස්තුව රුපියල් 200 ක් දක්වා ද, ඉහළ දමමින් එම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. 

views

193 Views

Comments

arrow-up