දින 105කට පසු පාසල් හෙට විවෘත වෙයි

කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් වසා දැමුණු පාසල් දින 105කට පසු හෙට විවෘත කිරීමට නියමිතයි.
අදියර හතරක් යටතේ පාසල් විවෘත කිරීමට තීරණය කළ අතර, ඒ අනුව හෙට පාසල් විවෘත වුවද, සිසුන් පැමිණීම සිදුවන්නේ නැහැ.
විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය හෙට පාසල වෙත කැඳවා තිබෙනවා.
සතියක කාලයක් පාසල පිරිසිදු කිරීම ආදිය ඔවුන්ගේ මැදිහත්වීම යටතේ සිදුකෙරෙනු ඇති.
සිසුන් පාසල් වෙත කැඳවීමට තීරණය කර ඇත්තේ ලබන 6 වනදායි.
රජයේ පාසල් ආරම්භ කරන ආකාරයෙන්ම කතෝලික පාසල්ද ආරම්භ කිරීමට පියවර ගන්න බවයි ජාතික කතෝලික අධ්‍යාපන අධ්‍යක්ෂ අයිවන් පෙරේරා මහතා කියා සිටියේ.
1087 Views
Comments