OCT
26
කොළඹට පැමිණෙන දුරගමන් බස්රථ ධාවනය අත්හිටුවයි

කොළඹට පැමිණෙන සියලු දුර ගමන් සේවා බස් ධාවනය යළි දැනුම්දෙන තුරු අත්හිටුවීමට පියවර ගෙන ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.
කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තියත් සමග කොළඹ පොලිස් බල ප්‍රදේශ කිහිපයකට පනවා ඇති ඇඳිරි නීතිය හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
මීට අමතරව නාරාහේන්පිට සහ වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යල ද නැවත දැනුම්දෙන තුරු වසා දැමීමට පියවර ගෙන තිබේ.
852 Views
Comments