විදේශ රැකියා වංචා ඉහළට

පෝලන්තය, රුමේනියාව, ඊශ්‍රායලය, දකුණු කොරියාව, ජපානය, මැලේසියාව සහ මාලදිවයින වැනි රටවල රැකියා ලබා දෙන බව පවසමින් මුදල් වංචා සිදු කරන අයට හසු නොවන ලෙස විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.
වර්තමානයේ මෙරට පවතින තත්ත්වය තුළ විශාල පිරිසක් විදේශ රැකියා සඳහා යාමට උත්සහ කරයි.
ඒත් සමඟ ම විදේශ රැකියා ලබා දෙන බවට සමාජ මාධ්‍ය හා වෙබ් අඩවි ඔස්සේ දැන්වීම් පළකරමින් සිදුවන මුදල් වංචා සම්බන්ධයෙන් වන පැමිණිලි ද දිනෙන් දින ඉහළ ගොස් තිබේ.
ඒ හේතුවෙන් විදේශ රැකියා සඳහා විදේශ ගමන් බලපත්‍ර හා මුදල් ලබා දීමට පෙර අදාළ ආයතන විදේශ සේවා නියුක්ති කාර්‍යංශය බලපත්‍ර හිමි නීත්‍යානුකූල ආයතන දැයි සොයා බලන ලෙස අමාත්‍යවරයා පවසයි.
224 Views
Comments